හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හෙළි කළ කරුණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
