Gossips

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන මැතිසබයට ප්‍රශ්නයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අවදානම් මට්ටමක පවතින බැවින්, ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
එයට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පිළිතුරු ලබාදුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද මැදිහත් වුණා.
මේ අතර, මාර්ග සංවර්ධනයට අදාළ ප්‍රාග්ධන වියදම් පියවීමට සහ සංවර්ධන කටයුතුවලට අදාළව ඉතිරි වී ඇති ගෙවීම් සිදුකිරීම සඳහා රුපියල් මිලියන 30,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින්.