Gossips

හිටපු ජනපතිගෙන් ජාතික හෙළ උරුමය ප්‍රකාශයක් ඉල්ලයි

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්, ඔහු වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
එහි ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
චීනය වරාය ආයෝජන සඳහා ණය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථීකය තමන් සතු කරගැනීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තාකර තිබුණා.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහාද චීනය මුදල් යොදවා ඇති බවයි.