Gossips

හිටපු ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට යළි කැදවීමක් – සන්ධාන මන්ත්‍රීවරු තවත් සාකච්ඡා කිහිපයක

රට තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට අද (17) වන විට දින 07ක් ගත වී තිබෙනවා.
මේ වන තුරුත් ඊට විසඳුම් ලැබී නොමැති අතර, සියළු පාර්ශව එක්ව සහ වෙන් වෙන්ව ගත වූ පැය 24 තුළත් විවිධ සාකච්ඡා සිදුකර තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (16) රාත්‍රියේ යළි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කොළඹ – විජේරාම මාවතේ පිහිටි සිය නිළ නිවසට කැදවනු ලැබුවා.
ඒ, ව්‍යවස්ථානුකූලව තවදුරටත් ධුරයේ රැදී සිටින බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ පැවැති සාකච්ඡාවකට එක්වූ බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
අද පෙරවරුවේ ද ඔවුන් අතර යළි සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (18) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
එම පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කළේ මෙහිදී ලබන සතියේ ආරම්භ වන පාර්ලිමේන්තුව තුළ වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබදව වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබද පවතින්නේ වැඩි අවධානයක් යොමු වන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පෙන්නුම් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පැවතීම හේතුවෙන්.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ආසන 113ක සරල බහුතරය පෙන්වීමට ද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඒ ඒ පාර්ශව විසින් උත්සාහ දරනු ඇති බවයි.