Gossips

හිටපු ජනපතිගෙන් උපදෙසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද තංගල්ල කාලටන් නිවසේ පැවති වැඩසටහනකදී.
බලිඅත්ත, කටුවන, වීරකැටිය, අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට සහ ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය සභා සඳහා තේරීපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් දිවුරුම් දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.