Gossips

හිටපු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාල් හූපර් බලපෑමක් ගැන කියයි

අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පවසනවා.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පැමිණි ඔහු සඳහන් කළේ ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ, කයිරන් පොලාඩ්, සුනිල් නාරායන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඒ නිසා සිය ටෙස්ට් කණ්ඩායමට අහිමි වී ඇති බවයි.
අයි.පී.එල් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම ඉලක්කය කර ගැනීම හේතුවෙන් කොදෙව් පිලට යොවුන් ක්‍රීඩකයන් අහිිමි වන බව ඔහුගේ අදහසයි.
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ප්‍රථම ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වූ අතර, එහිදී ඉන්දීය පිලේ නවක ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ පන්දු 99 කින් සිය මංගල ශතකය රැස් කිරීමට සමත් වුණා.
එය ටෙස්ට් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරඟයේදී වාර්තා කළ 3 වන වේගවත්ම ශතකයයි.