Gossips

හිටපු ඉඩම් ඇමති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පස්වරු 3ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම අවස්ථාවට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ද පැමිණ සිටීම විශේෂත්වයක්.