Gossips

හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉදිරිපත් කළ සෞඛ්‍ය රක්ෂණ වැඩපිලිවෙල ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බවට ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙකු තීන්දු කර තිබෙනවා.
ඇමරිකානු ප්‍රාන්ත විස්සක් ඔබාමා කෙයා ලෙස හැඳින්වෙන එම සෞඛ්‍ය රක්ෂණ වැඩපිලිවෙලට එක්වූ අතර, එහිදී ඊට ඇතුළත් වීමෙන් සෞඛ්‍ය රක්ෂණයක් නොලැබීමේ දඬුවම් ඉවත් කරනු ලැබුවා.
එය ව්‍යවස්ථා විරෝධී කරුණක් ලෙසයි විනිසුරුවරයා හැඳින්වූයේ. කෙසේ නමුත්, ඒ පිළිබඳව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂිතයි.
ඔබාමා කෙයා සෞඛ්‍ය රක්ෂණය යටතේ ලියාපදිංචි වූ ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව මිලියන 12 කට ආසන්නයි.