රට තුළ පැන නැගී ඇති අස්ථාවර තත්ත්වය විසදීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තුව කැදවන ලෙසට තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙහිදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ අභියෝග භාර ගැනීමට තමන් බිය නොවන බවත්, තම අරමුණ වී තිබුණේ ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා එක්ව යහපාලනය රට තුළ ක්‍රියාත්මක කිරීම බවයි.
