මහබැංකු බැඳුම්කර වංචාව පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවනු ලැබුවා.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක පෙන්වා දුන්නේ මෙතෙක් ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ නොහැකි බවයි.
කෙසේ නමුත්, ඒ සඳහා එම අධිකරණය පසුගිය මස 14 වන දා අත්හිටුවා තිබූ නියෝග යළි ක්‍රියාත්මක කරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.
ඒ අනුව රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ හා ඔහුගේ පවුලේ ඥාතීන්ගේ දුරකථන විස්තර වාර්තා ලබාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමටත්, මන්ත්‍රීවරයාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් නැමැති සමාගමේ බැංකු ගිණුම් වාර්තා ඇතුළු තොරතුරු ලබාගෙන විමර්ශන සිදුකිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමි වනවා.
