Gossips

හිටපු ඇමති මහින්දානන්ද එෆ්.සී.අයි.ඩී.යට

හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්වූ අපේක්ෂිත ඇප අයදුම්ත ප්‍රතික්ෂේප වුණා.
ඉන් අනතුරුව අදාළ නියෝගයට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.