Gossips

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ජනක් ද සිල්වා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරු මඩුල්ල කියා සිටියේ කුරුණෑගල මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව නීත්‍යානුකූල බවයි.
සතොස ආයතනයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ නඩුවක් පවතින අතර, එම නඩුව නිමවනතුරු සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ.