ඛණිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය මස 28 වනදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ඛණිජ තෙල් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදි ඇතිවු නොසන්සුන්කාරි තත්ත්වයත් සමඟ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකළා.
එම වෙඩි තැබීමෙන් තෙල් සංස්ථාවේ සේවය කළ උඩුනුවර – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 31ක් හැවිරිදි එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඊට අදාලවයි මෙම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර තිබුණා.
