Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා කල් තැබුණා.
ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.
මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනෙකුට එරෙහිවයි.
අධිකරණයේ අවසරය මත හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගතව සිටින අතර, අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා එල්ලවී ඇති අනෙක් විත්තිකරුවන් 6 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.