Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නඩුව දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 4 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට තීන්දු කර තිබෙනවා.
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කළා.
එම නඩුවට පෙනී සිටීම සඳහා අද උදෑසන හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට පැමිණ සිටි අතර, ඉන් අනතුරුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව නිකුත් කළේ.
එහිදී නඩුව මේ මස 19 වන දා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.