Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ හිටපු ඇමති බැසිල්ගේ පෙත්සම් සලකා බැලීම කල් යයි

ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුලු විත්තිකරුවන් නිදහස් කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලිම ලබන 06 වනදාට කල් තැබිමට අභියාචනාධිකරණය අද නියෝග කලා.
ඒ අදාල පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංග්පුලි යන විනිසුරුවන් විසින් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
මේ අතර, දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමට අදාළව බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව ලබන 06 වනදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ අද නියෝග කලා.