ඇවන්ගාඩ් ගණුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.
එහි සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර නියෝග කළේ එම පෙත්සම මීළඟ දිනයේ අභියාචනාධිකරණයේ වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමටයි.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව හේතුවෙන් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදුකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.