Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ, මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එසේම, විත්තිකරුවන් 4 දෙනෙකු වෙනුවෙන් නීතිපතිවරයා විසින් නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් මෙහිදී මූලික විරෝධතාවක් ද ගොනු කළා.
ඊට පිළිතුරු ලබාදීම සඳහා නීතිපතිවරයා මේ මස 28 වන දා කැදවීමට නියමිත බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.