Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අධිකරණ බලයක් නොමැති බවට ගොනු කර තිබූ මූලික විරෝධතාව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව මෙම නඩුව විභාගයට ගැනීමටයි විශේෂ මහාධිකරණය තීරණය කරනු ලැබුවේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේ පසුගිය 22 වනදායි.
ඒ අනුව නඩුව පසුගිය 31 වනදා යලි කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය අද ලබාදෙන බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.