Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට

ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැණෙනවා.
ඒ මීට පෙර මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූණු අවස්ථාවේ ගනු ලැබූ තීරණයකට අනුවයි.