Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියා.
නඩුව විභාගයට ගැනෙන්නේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.