Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය යළි විශේෂ මහාධිකරණයට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා.
ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලූ පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළවයි.
නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු සැප්තැම්බර් 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රථම වරට පෙනී සිටියා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු චූදිතයන්ට අධි චෝදනා භාර දෙනු ලැබුවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා අවසන් වරට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ පසුගිය 9 වනදායි.