Gossips

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව ඇමරිකාවේ අධිකරණයේ නඩුවක් ගොනු වෙයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් ගොනුකර ඇති බවට වාර්තාවනවා.
එමගින් ඇය සඳහන් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තම පියා ඝාතනය කිරිම සඳහා උපදෙස් ලබාදී ඇති බවයි.
මේ වනවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ සංචාරයක නිරත වන අතර, ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 12 වනදායි.
ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත පසුගිය මස හයවනදා භාරදුන් බවට ද තොරතුරු වාර්තාවුණා.
ඇමරිකානු අධිකරණයේ පවරා ඇති බව කියන මෙම නඩුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංගගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ තමන්ට මේ පිළිබඳ කරුණු තහවුරු කළ නොහැකි බවයි.