Gossips

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග වළක්වාලමින් පැනවූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය ලබන මස 23 වැනිදා දක්වා අද (27) යළි දීර්ඝ කෙරුණා.
ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.
එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් නියෝග කළේ පෙත්සමට අදාළ වැඩිදුර විභාගය ලබන මස 22 වන දා කැඳවන ලෙසයි.