Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගේ පෙත්සම විභාගයට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට නොගෙන ඩී . ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණ සිදු කළ හැකි බව අභියාචනාධිකරණය අද (05) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට දැනුම් දුන්නා.
ඒ පොදු දේපල පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සම ජූලි මස 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.