Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට දින නියම වේ

ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ අභියාචන පෙත්සම සලකා බැලීමට අද දින නියම කෙරුණා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර අභියාචනාධිකරණයෙන් අද ඉල්ලා සිටියේ පෙත්සම සලකා බලා කරුණු දැක්වීමට දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව අචල සිංගප්පුලි සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් පෙත්සම ලබන මස දෙවනදා කැදවන ලෙස නියෝග කළා.
ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.