Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

තමන් ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනා ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මීට පෙර ඔහු මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වුණා.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණා.