Gossips

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුව කැදවීම ජූලි 29 වනදා

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන ජූලි මස 29 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඔහු අමාත්‍ය ධුරය දැරූ වසර 6 ක කාලය තුළ රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා අන්දමින් උපයාගෙන ඇති බව පවසමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි ඉදිරියේ එය අද කැදවූ අවස්ථාවේදී නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන 8 ක පවතින පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සදහා විත්ති පාර්ශවයට අධිකරණය අද අවසර ලබා දුන්නා.