Gossips

හිටපු අමාත්‍ය මර්වින් ඉපලෝගම සංචාරයක

විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එහි සංචාරයක නිරත වුණා.
එහිදී ඔහු කියා සිටියේ මෙම පුරාවිද්‍යා භූමිය විනාශයට ලක්කිරීමට සම්බන්ධ සියලූ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි.
නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන බව පවසමින් පසුගිය දා විජිතපුර බලකොටුවේ පුරාවස්තු විනාශයට ලක්වී ඇති බව අප අනාවරණ කිරීමෙන් පසු එහි වගකීම නිවාස සංවර්ධන අධිකාරිය විසින් භාර ගනු ලැබුවා.
අනතුරුව ඊට සම්බන්ධ නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු තවත් නිලධාරියෙකුගේ ද වැඩ තහනම් කිරීමට එම අධිකාරිය පියවර ගත්තා.
ඩෝසර් කිරීමට ලක් කෙරුණු විජිතපුර පුරාවිද්‍යාත්මක ස්ථානය නිරීක්ෂණයෙන් අනතුරුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.