රුපියල් මිලියන 2991ක මුදලක් අවභාවිත කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩු විභාගය නොවැම්බර් මස 01 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ අද (06) නියෝග කළා.
එදිනට මෙම නඩුවේ 04 වන සහ 21 වන පැමිණිලිකරුවන්ට සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙසයි සිතාසි නිකුත් කෙරුණේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක මුදලක් වැය කර සෙවිලි තහඩු ලබාදුන් බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
