Gossips

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් මිලියනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පස්වරුවේ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
මන්ත්‍රීවරයා අද උදෑසන 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුවයි.