මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය මගින් අද(23) සලකා බලනු ලැබුවා.
අදාළ මෝසම මගින් ඔහු ඉල්ලා සිටියේ මසකට වරක් පෙනී සිටින ලෙස සිදුකළ නියෝගය මාස 6 ක් ලෙස සංශෝධනය කරන ලෙසයි.
එහෙත්, එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක නියෝග කළේ අදාළ නියෝගය මාස දෙකකට වරක් ලෙස සංශෝධනය කරන ලෙසයි.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ මසකට වරක් පෙනී සිටින ලෙස හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත මීට පෙර නියෝග කර තිබුණා.