Gossips

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විමල්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.