Gossips

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට අත්හිටවූ සිර දඬුවම්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කළා.
ඒ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා අධි ප්‍රමාණ අගයකට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගෙන රජයට අලාභයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.
ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද පැනවීමටයි.
මේ අතර, වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.