Gossips

හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත්ව තිබෙනවා.
අද පෙරවරුවේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම විභාගයෙන් ඉවත්වන බවයි.
නඩුව කැඳවනු ලැබුවේ මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
ඒ අනුව මෙම පැමිණිල්ල කැඳවීම මැයි මස 8 වනදා දක්වා කල් දැමුණා.
පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා මරදාන මංසන්ධියේ පැවති රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන්දෙනෙකු මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.