Gossips

හිටපු අගමැති හමුවීම ගැන ගෝඨාභය කතා කරයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම පිලිබඳ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව අරලියගහ මන්දිරයේදී සිදුව ඇති බව සඳහන්.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බවයි.
ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.