හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැකීමට පළමුවෙන් මල්වතු මහා විහාරයට පැමිණියා.
අනතුරුව ඔහු, අස්ගිරි මහා විහාරයට ගොස් ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැදැක තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා මුතියංගණ රජමහා විහාරාධිකාරී, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පූජ්‍ය රජමුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් ද බැහැ දැක අශිර්වාද ලබා ගත් බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර, යුක්තියේ ජන හඬ යන තේමාවෙන් එක්සත් ජාතික පෙරමුණ මහනුවර නගරයේ අද (24) සංවිධාන කර ඇති විරෝධතා රැළියට ද හිටපු අගමැතිවරයා සහභාගිවීමට නියමිතයි.