හික්කඩුව, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල පැවැති සාදයක් අතර තුරකළ වැටලීමලදී පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (13) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සම්බන්ධකරගත් පිරිසක් එක්ව මත්ද්‍රව්‍ය සහ මත්පැන් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී විෂ මත්ද්‍රව්‍ය යැයි සිතිය හැකි ලොලිපොප් 16, කොකේන් මිලි ග්‍රෑම් 50 සහ ගංජා ග්‍රෑම් 09 සන්තකයේ තබාගෙන සිටි තරුණයින් සිව්දෙනෙක් සහ තරුණියන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම තරුණ තරුණියන් හත්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා හික්කඩුව පොලිසිය වෙත ඉරිදිපත්කර ඇති අතර සැකපිට අත්අඩංගුවට ගැනුණු සෙසු සැකරුවන් 12 දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
අත්අඩංගුවට ගත සැකකරුවන් සහ සැකකාරියන් හත්දෙනා ඊයේ (13) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
මොවුන් ලබන 21 වන දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 19 සහ 25 යන වයස් සීමාවල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
