හික්කඩුව තැපැල් කාර්යාලය අසල අද (23) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
