Gossips

හික්කඩුවේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

හික්කඩුව මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
අද (23) පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා පැමිණි තරුණයින් පිරිසක් මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදී තරුණයන් දෙදෙනෙකු රළ පහරට ගසාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
අනතුරුව ඔහු මියගොස් ඇතැයි සඳහන්.
රළ පහරට හසුවීමෙන් අතුරුදන් වූ අනෙක් තරුණයා සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මියගොස් ඇත්තේ කටුපොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක්.
අතුරුදන්වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මියගිය තරුණයාගේ සිරුර බලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අතුරුදන්වු තරුණයා සොයා තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි.