හික්කඩුව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හික්කඩුව – වෑවල ප්‍රදේශයේ දී පසුගිය ජුනි 22 වන දා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුණා.
ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු ඊයේ අදාළ යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හික්කඩුව – තිරානගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ඝාතන සිද්ධියේදී යතුරුපැදිය ධාවනය කර ඇත්තේ මෙම සැකකරු බව අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
