හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද (22* උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මියගියා.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයා කොස්ගොඩ සුජී නමැති විදෙස් ගත පාතාල නායකයාගේ සගයෙකු බවට තොරතුරු ලැබී ඇති බවයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉනාසි චමින්ද හෙවත් චමින්ද කුමාර නමැති පුද්ගලයෙක්.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකොට පලාගොස් තිබෙනවා.
පාතාල කල්ලි අතර ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
