මුන්දලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව හිංසාකාරී අයුරින් බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාවේ සිට කටාන ප්‍රදේශයට මස් පිණිස මෙම සතුන් ප්‍රවාහනය කරමින් සිටියදියි ඊයේ (17) පොලීසියට භාරයට ගෙන ඇත්තේ.
බැටළුවන් 73 දෙනෙකු සහ එළුවන් 25 දෙනෙකු එලෙස ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
