Gossips

හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට

හිංසාකාරීව ලොරියකින් ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු ආඩිගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි අද අලුයම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මන්නාරම මඩු ප්‍රදේශයේ සිට ජාඇල දක්වා ගවයන් ප්‍රවාහනය කළ බවයි සැකකරුවන් ප්‍රකාශකර තිබෙනවා.
ගවයන් 6 දෙනෙකු පමණක් ප්‍රවාහනය කිරීමට මඩු ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම පශු වෛද්‍යවරයා ද සහතික ලබාදී ඇතත් එම නියෝග උල්ලංඝණය කරමින් අදාළ ලොරියේ ගවයන් 20 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් සහ අදාළ ලොරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පල්ලම පොලිසියට භාරදී තිබෙනවා.