Gossips

හැරී – මේගන් දින 16ක නිල සංචාරයක් අරඹයි

චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඕස්ට්‍රේලියාව, පීජී, ටොන්ගා සහ නවසීලන්තය යන රටවල් නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ළඟාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින 16 ක මෙම සංචාරයේදී එම රටවල් හි විවිධ සංවිධානවල සාකච්ජා සහ වැඩමුළුවලට මොවුන් එක්වීමට නියමිතයි.
පසුගිය මැයි මාසයේ විවාහ වුණු හැරී – මේගන් දෙදෙනාගේ ප්‍රථම නිල සංචාරය මෙය වනවා.
චාල්ස් කුමරු සහ ඩයනා කුමරියද විවාහවීමෙන් පසු ප්‍රථම නිල සංචාරය සිදු කරනු ලැබුවේ මෙම රටවලයි.