චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඞ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී අද සිදුකෙරුණා.
එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් මාළිගා පරිශ්‍රය ආසන්නයේ සහ වීථිවලට එක්රැස්ව සිටියා.
මේගන් මාකල්ගේ පියා මෙම මංගල්‍යයට සහභාගි නොවන බැවින් ඇය දේවස්ථාන ප්‍රවේශ මාර්ගයට යොමු කළේ චාල්ස් කුමරු විසින්.
හැරී කුමරුගේ දෙවන මනමාලයා ලෙස ඔහුගේ සොහොයුරු විලියම් කුමරු එක්වූ අතර, ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද මල් කුමර, කුමරියන් ලෙස එක්වුණා.
