Gossips

හැමෝම දන්න බලංගොඩ සුපිරි මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි රථය අනතුරකට ලක්වෙයි

හැමෝම දන්න බලංගොඩ සුපිරි මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි රථය අනතුරකට ලක්වෙයි"
පැල්මඩුල්ලේ අනතුරකින් තරුණයෙකු මරුට
පැල්මඩුල්ල මීගහගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අලුත්වැඩියා කිරීම සදහා මාර්ගයේ නවතා තිබු බැකෝ යන්ත්‍රයක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම බැකෝ යන්ත්‍රයේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි 34 පුද්ගලයෙක්.
දෙදරු පියෙක් වන ඔහු පැල්මඩුල්ල කමරංගපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර අනතුරට ලක්වූ සුඛෝපභෝගී මෝටර් රථය බලංගොඩ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රබල දේශපාලන පක්ෂයක හිටපු සංවිධායකවරයෙකුට අයත් බවයි අනාවරණ වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.