පසුගියදා ඉන්දියාවේ රාජස්ථාන් හි දී පැවැත්වුණු ප්‍රියංකා චොප්රාගේ විවාහ උත්සවය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ ඇයගේ අඩි 75 ක දිගින් යුක්ත වේලයකින් සැරසීම හේතුවෙන්.
මෙම වේලය නිර්මාණය කර ඇත්තේ රැල්ෆ් ලොරොන් නමැති විලාසිතා නිර්මාණකරු විසින්.
ඒ සඳහා පැය 1,826ක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මංගල ඇඳුමට මිලියන දෙකකට අධික මුතු අමුණා තිබූවද බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ අඩි 75ක දිගින් යුක්ත වේලයටයි.
බොහෝ කතාබහට ලක්වූ ආදර සම්බන්ධයකින් අනතුරුව ප්‍රියංකා සහ නික් ජොනාස් පසුගිය ග්‍රීෂ්ම ඝෘතුවේදී විවාහ ගිවිස ගැනීම සිදුකළා.
36 වියැති බොලිවුඩ් නිළි ප්‍රියංකා 26 හැවිරිදි ඇමෙරිකානු ගායක නික් ජොනාස්ගේ විවාහය ද මේ වනවිට අන්තර්ජාලයේ සුවිශේෂ මාතෘකාවක් වී අවසන්.
rnrn
