Gossips

හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න

හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න "
පසුගියදා පාදුක්ක ප්‍රදේශයේදී තරුණ වයපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා බවට සැකකෙරෙන තරුණයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 27 වනදා ඝාතනයට ලක්වූ අදාළ ව්‍යාපාරිකගේ සිරුර හමුවූයේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසල පිහිටි පියගැටපෙළ ආසන්නයේ තිබියදීයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි කඹුරුගොඩගේ ඩෙන්සිල් නමැති පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුයි.
තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ මීට පෙර සඳහන් කර තිබුනේ පසුගිය 26 වනදා තමන් ඇමතුමක් දුන් නමුත් එයට පිළිතුරු නොදීම හේතුවෙන් 27 වනදා ව්‍යාපාරික ස්ථානය අසල සිදුකළ සෝදිසි කිරීමකදී මළසිරුර දැක පොලිසියට දැනුම්දුන් බවයි.
පසුව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එම ඝාතනය සිදුවන අවස්ථාවේ එම කාන්තාව ද වෙළඳ සැලේ සිට ඇති බවයි.
මේ වනවිට හෙළිවී ඇත්තේ මෙම ඝාතනයට හේතුව අනියම් පෙම් සම්බන්ධයක් බවයි.
අදාළ කාන්තාව මෙලෙස අනියම් පෙම් සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇත්තේ සැමියාගේ සේවකයෙකු සමඟයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අනියම් සැමියා නුගේගොඩ ප්‍රදේශයේ සිට සිද්ධිය වූ දිනයේ රාත්‍රියේ පාදුක්කේ පිහිටි අදාල ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ ප්‍රථමයෙන් ව්‍යාපාරික ස්ථානයට ඇතුල්වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ අනියම් පුරුෂයා එහි සැඟව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව ව්‍යාපාරික ස්ථානය වෙත සිය සැමියා පැමිණීමෙන් අනතුරුව සැකකාර බිරිඳ ගොස් ඔහු සමඟ ආදර බස් කියමින් සැමියා වැළඳගෙන තිබෙනවා.
එම අවස්ථාවේදීයි අනියම් සැමියා විසින් මෙම පුද්ගලයාට පිහි පහර එල්ලකර ඇත්තේ.
පසුව දෙදෙනාම එක්වී අමානුෂික ලෙස පිහියෙන් ඇන මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර තිබෙනවා.
අනතුරුව ඔහුගේ දේහය අසල පඩිපෙළක් අසලට ගෙනවිත් දමා එහි තිබු රුධිරය සෝදා පිරිසිදු කර සැකකාර බිරිඳ ඇයගේ මවගේ නිවසට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් විසින් අදාළ රුධිරය පිරිසිදු කිරීමට යොදාගත් රෙදි කැබැල්ලක තැවරී තිබූ රුධිරය ඔස්සේ සිදුකළ වැඩිදුර විමර්ශනවලට අනුවයි සියල්ල අනාවරණ වී ඇත්තේ.
පසුව පොලිසිය විසින් සැකකාර බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන සිදුකල වැඩිදුර විමර්ශන වලදී ඔවුන් විසින් සියල්ල පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව සැකකාර බිරිඳ සහ අනියම් සැමියා ඊයේ (28) අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
පාදුක්ක පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.