Gossips

හැමෝම ආදරය කරන රෙස්ලිං වැඩකරුගේ ඉලක්කය වැරදී දරුණු අනතුරකට ලක්වෙයි – දිවි ඇතිතෙක් අහිමිවූ දේ

ලෝකයේ බොහෝදෙනෙකු අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි මල්ලවපොර කියන්නේ.
බොහෝ විට මේ ක්‍රීඩාවේ නියැලෙද්දී විවිධ අනතුරු සිදුව අවස්ථා අප දැක තිබෙනවා.
කෙසේ වෙතත් මල්ලවපොර ක්‍රීඩාවේ මෑතකාලයේ සිදුවූ භයානක අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ අනතුර සිදුවන්නේ පෙන්සිල්වේනියා හි පැවති මල්ලවපොර තරඟයක් අතරතුරයි.
එහිදී මල්ලවපොර වළල්ල මත නැගුණු ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට එල්ලකරන්න යන පහරක් ව්‍යර්ථ වී යාමෙන් ඔහු අනතුරට ලක්වනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට ජනප්‍රිය මල්ලවපොර ක්‍රීඩකයෙක් වන Shawn Phoenix නමැති ක්‍රීඩකයායි.
අදාළ අනතුර මාරක අනතුරක් වුවද ඉන් ඔහුගේ දිවිබේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් සිදුවූ කම්පන තත්වය හේතුවෙන් දිවි ඇතිතෙක් ඔහු ශ්‍රවණ ආබාධ තත්වයකට ලක්වීමේ අවධානමක් පවතින බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.
අදාළ අනතුර සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.
සංවේදී දර්ශන සහිතයි.